නාග කන්‍යාව💀💀


නාග කන්‍යාව💀💀
මේක ලංකාවෙ සිද්ද වෙච්ච ඇත්තම කතාවක්...නම් ගම් හෙලි කරන්න නම් බැ...
එක්තරා ගමක පුංචි පවුලක් ජීවත් උනා...මේ පවුලට දරුවො හිටියෙ නැ...ඉතිං ⁣දරුවෙක් බලා පොරොත්තුවෙන් හිටිය...මේ දෙන්න නොගිය දේවාලයක් පංසලක් නැති තරම්...
කාලයක් යද්දි ඒකත් එපා උනා...දවසක් මෙයාලට මුන ගැහෙනව හාමුදුරු නමක්...මේ අයගෙ ප්‍රශ්නය හාමුදුරුවන්ට කිවුට පස්සෙ...හාමුදුරුවො මෙයාලට කියනව...ගෙදර පත්තිනි මෑනියන්ට පහන තියන්න කියල...ඉතිං ඒකත් කරල බලනව කියන අදහසින්...බොහොම සත් සිතින් මේගොල්ලො පහන තියන්න පටන් ගන්නව...මාස දෙක තුනක් ගත වෙනකොට..දවසක් මේ බිරිදට හීනයක් පේනව..සුදු නාගයෙක් බිරිදගෙ බඩ සපා කනව...ඊට ටික දවසකට පස්සෙ මේ බිරිද ගැබ් ගන්නව...එයාලට සතුට කියල නිම කරන්න බැරි තරම්...
ඉතිං පත්තිනි මෑනියන්ගේ ආශිර්වාදයෙන් ඇයට දරුවෙක් ලැබෙන නිසා...නවගමුව මහා පත්තිනි දෙවාලයට පූජා වට්ටියක් පූජා කරල සතුටින් ඉන්නව...
මාස නවයක් ගත උනා...දරුව ලැබුන...ඒ ලස්සනම ලස්සන බිලිඳියක්...මේ ලස්සන දැරිවිට ලස්සනම ලස්සන නමකුත් තිබ්බ....ටික ටික කාලය ගත වුනා...කෙල්ල දැං ලොකුයි...මල් වර දිනයත් උදා උනා...උත්සවේ ජයට නැතත් සාමාන්ය විදියට ගත්ත...කෙල්ලට වතුර කලේ නාවන වෙලාවෙ සුදු ඇදගත් කාන්තවක් ඇතින් ඉදන් බලන් ඉන්නව පෙනුන...එතනින් පස්සෙ හැමදාම...ලිඳ ලග නානකොට...පේන්න ගත්ත...දවසක් මේ දැරිවිගෙ කකුලට සර්පයෙක් දෂ්ට කරා...ඒත් පුදුමෙ කියන්නෙ මේ දැරිවිට ඒ සතාගෙ විස නැ...⁣ඊට පස්සෙ දවසක කකුලෙ කටුවක් ඇනිල අම්මට කිවුව ගන්න කියල...අම්ම යටි පතුල දකිද්දියි දෙවියො සිහි උනේ...යටි පතුලෙ බුලත් කොලේකට සමාන රේකා තිබුන...ඊට පස්සෙ අම්ම බැලුවෙ අත් දෙක...දකුණු අතේ රේකා නාගයෙකුගෙ හිසක් ආකරයෙනුයි තිබුනෙ...
කතාව හොදනම් කියන්න...ඉතුරු ටිකත් දාන්නම්...ඉක්මනටම...